hit counter

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 19, ප.ව. 1:55



ප්‍රීමා සමාගම විසින් බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා සහ අනෙකුත් ආහාර පිළියෙළ කිරීම සඳහා යොදා ගන්නා තිරිඟු පිටි මිල ඉහළ දමා තිබෙනවා.

ඒ රුපියල් 40කින්.

අදාළ සමාගම විසින් දිවයිනේ සියලුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී ඇත්තේ, සිය නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දමන ලෙසයි.

ඒ අනුව බේකරි නිෂ්පාදන සඳහා භාවිතා කරනු ලබන මිල්ක් වර්ගයේ තිරිඟු පිටි කිලෝවක් රු 243.50කට අලෙවි නියෝජිතයන් විසින් බේකරි හිමියන්ට නිකුත් කරනු ලබනවා.

තිරිඟු පිටි මිල වැඩි වීම සම්බන්ධයෙන් බේකරි හිමියන් කියා සිටින්නේ කිලෝග්‍රෑම් 50 ක තිරිඟු පිටි මිටියක් මිල දි ගැනීමට රුපියල් 10,000කට වැඩි මුදලක් දැරීමට සිදුවන බවයි.

එයට සමගාමීව බේකරි නිෂ්පාදන සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය රැසකම මිල දිනෙන් දින වැඩිවීම හමුවේ මෙම කර්මාන්තය කඩා වැටීමේ දැඩි අවදානමකට ලක් වී ඇති බව ද හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන් කියා සිටිනවා.

ග්‍රෑම් 450 ක් පාන් ගෙඩියක මිල යළිත් ඉහළ යාම හමුවේ එයට සමගාමී ව අනෙකුත් කෙටි කෑමවල මිල ඉහළ නැංවීමට සිදු වන බවත්,මෙසේ මිල වැඩි කිරීම හමුවේ පාරිභෝගිකයා දැඩි අසීරුතාවට පත් වී ඇති බව ද හැටන්

ප්‍රදේශයේ බේකරි හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

(හැටන් – රංජිත් රාජපක්ෂ)