hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 03, ප.ව. 8:42



ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසන්නේ, ආපන ශාලාවකට ගොස් බීමට ගන්නා වතුර වීදුරුවටත් මුදලක් අය කිරීම⁣ට සිදු වන තත්ත්වයක් රජය විසින් නිර්මාණය කර ඇති බවයි.

අද (03) කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී  ඔහු මේ බව පවසා ඇති බවයි වාර්තා වන්නේ.

වතුර බිල දරාගත නොහැකි පරිදි වැඩි කිරීම හේතුවෙන් ආපනශාලා පවත්වාගෙන යාමේ දී ගැටලු රැසක් පැන නගින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

සභාපතිවරයා පවසන්නේ ආපනශාලාවකට පැමිණෙන පාරිභෝගිකයින් කෑමට පෙර සහ පසු අත් සේදීමට, වතුර පානය කිරීමට සහ වැසිකිලි භාවිතයේ දී ජලය භාවිතා කරනු ලබන බවත්, ඊට අමතරව ආහාර වර්ග සේදීම සහ ඉවුම් පිහුම් සඳහා ද ජලය අවශ්‍ය වන බවත් සේවකයන්ගේ අවශ්‍යතා සඳහා ද ජලය භාවිතා වන නිසා සැලකිය යුතු ජල ප්‍රමාණයක් වැය වන බවයි.

මේ අනුව අහාර ද්‍රව්‍ය සේදීම අඩු කිරීමට සිදු වන බවත්, පාරිභෝගිකයා භාවිතා කරන වතුර වීදුරුවට පවා මුදලක් අය කිරීමට සිදු වන බවත්, ආපනශාලාවල වැසිකිලි වසා දැමීමට පවා සිදු වන බවත් හෙතෙම පෙන්වා දෙනවා.

මේ අනුව ආපනශාලාවල ආහාර පානවල මිල ගණන් ඉහළ යා හැකි බවයි ඔහු පවසන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: