hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ජූලි 24, පෙ.ව. 9:34



චීනයේ සයිනොපෙක් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇණවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟාවනු ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා අවධාරණය කරනවා.

සියලුම සමාගම්වලට බලපාන පරිදි මිල සූත්‍රය භාවිතා කරමින් ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අනුව, රටට ප්‍රතිලාභ අත්කරදෙමින් ඉන්ධන සැපයීමේ තරඟකාරීත්වයක් ඇති කිරීම එහි ප්‍රධාන අරමුණ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉදිරියේ දී සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ඊට සාපේක්ෂව QR කේතය පිළිබඳ තීරණය ගැනීමට අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා මේ බව සඳහන් කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ වැඩිම ප්‍රශ්නවලට මුහුණ දුන් අමාත්‍යාංශයක් තමයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය. එදා රට තුළ ඉන්ධන පෝලිම් තිබුණා. අප ඉතා අසීරූ කාලයක් පසුකරගෙන ඉදිරියට පැමිණ තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට භාර ගැනීමෙන් පසුව ඉන්ධන ගැටලුව විසඳීමේ අභියෝගය කාංචන විජේසේකර ඇමතිතුමාට භාර දුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: