hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 02, පෙ.ව. 6:23



මාසිකව ක්‍රියාත්මක කෙරෙන ගෑස් මිල සූත්‍රයට අනුව මෙවර එහි මිල ගණන් ඉහළ යනු ඇති බව ලිට්‍රෝ සමාගම් ආරංචි මාර්ග පවසනවා.

එම ආරංචි මාර්ග සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළෙහි ගෑස් මිල ඉහළ ගොස් ඇති බවයි.

මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුව ලබන 04 වනදා නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පසුගිය මාසයේ දී ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දැමුණා.

ඒ අනුව එහි නව මිල රුපියල් 3,127ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම 5kg සිලින්ඩරයක මිල රුපියල් 58කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වූයේ රුපියල් 1,256ක්.

2.3kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 26කින් ඉහළ දැමූ අතර එහි නව මිල දැක්වෙන්නේ, රුපියල් 587ක් ලෙසින්.

කෙසේ වෙතත් පසුගිය මාසයේ දී ගෑස් මිල සූත්‍රයට අනුව කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 1,045කින් ඉහළ දැමිය යුතුයි.

කෙසේ වෙතත් මහජනයා අසීරුවට පත් නොකිරීමේ අරමුණින් එම ගාස්තුව 145කින් ඉහළ දැමූ බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම 2024 ජුනි මාසය දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමේ දී කිසිදු ගැටලුවක් ඇති නොවන බව ද ඔහු කියා සිටියා.

මේ අතර ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරයක මිල ද රුපියල් 145කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 3,835ක් වනවා.

ලාෆ් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 59 කින් ඉහළ ගිය අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1,535 ක් ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: