hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 24, ප.ව. 3:56



ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන්ට අනුව ලබන මාසයේදී දේශීය ගෘහස්ත ගෑස් මිල තවදුරටත් අඩුවිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ලිට්‍රෝ සමාගම ලෝක බැංකුවෙන් ලබාගත් ණය දෙසැම්බර් මාසයේදී ගෙවා අවසන් කිරීමට හැකිවනු ඇති බවයි.

“ලිට්‍රෝ ගෑස් ආයතනය විදියට අපි පොරොන්දු වුණා වගේම ලෝක බැංකුවෙන් ලැබුණු ණය මුදල තවමත් ලැබෙමින් පවතිනවා. නමුත් අපි ලබාගත්ත මුල් කොටස් ගෑස් අර්බුදය විසඳන්න පාවිච්චි කරලා නැවත වතාවක් අපි රුපියල්වලින් ගෙවන්න පටන් අරන් තියෙනවා. අපි සැප්තැම්බර්වල ගෙව්වා බිලියන 6.5ක්. ඒ වගේම අපි කිව්වා ඔක්තෝබර්වල බිලියන 7ක ණයක් ගෙවනවා කියලා. සිකුරාදා අවසන් වෙද්දි නැවත වතාවක් බිලියන 7.5ක් අපි ගෙවලා අවසන් කළා. අපි ලිට්‍රෝ ගෑස් ආයතනය විදියට අපේ වගකීමක් ඒක. අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසය ඇතුළත අනෙකුත් ණය මුදල ගෙවලා අවසන් කිරීමට. විශේෂයෙන්ම මේ වෙලාවේ නිරීක්ෂණය කරනවා ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලේ උච්චාවචනයන් අනුව අපි හිතනවා නොවැම්බර් මස මුලදි නැවත වතාවක් ගෑස් මිල අඩු කරන්න.”