hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 06, ප.ව. 12:20



වෙළඳපොලේ පවතින මිල ගණන් අනුව කිලෝ ග්‍රෑම් 12.5 අවස්ථා ගෑස් සිලින්ඩරයක් මිල වැඩි කළ යුතු නියම මිල රුපියල් 950 ක් බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරනවා.

එහි සභාපති මුදිත පීරිස් මහතා පවසන්නේ කලින් ඇණවුම් කර ගෑස් තොග තවදුරටත් සමාගම සතුව ඇති නිසා ප්‍රකාශිත මිල ගණන් යටතේ පමණත් මිල වැඩි කිරීමට තීරණය කරන ලද බවයි.

2024 අප්‍රේල් මාසය පමණ වන තෙක් රටට අවශ්‍ය ගෑස් තොග සමාගම සතුව ඇති බව ද හෙතෙම පැවසුවා.

ඒ අනුව කිසිම ආකාරයකින් රට තුළ ගෑස් හිගයක් ඇති නොවීමට වග බලා ගැනීමට සමාගම කටයුතු කරන බවයි සභාපතිවරයා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ.