hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 17, පෙ.ව. 7:56



මේ වසර තුළ එළුවන් 70,000 ක් එළු පාලනයට කැමති තරුණ ප්‍රජාව අතරේ නොමිලේ බෙදාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව රැකියා විරහිත තරුණයින් සහ ග්‍රාමීය අංශයේ ජනතාව සඳහා මෙම එළුවන් බෙදාදීමට කටයුතු කරනු ඇති.

අවශ්‍ය තාක්ෂණය සහ උසස් තත්වයේ එළුවන් ලබාදීමට පෞද්ගලික අංශයේ සහයෝගයද ලබාගැනීමට කටයුතු කරන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

ජම්නපාරි, කොට්ටුකච්චි, බෝයර් සහ සානන් යන උසස් වර්ගයේ එළු විශේෂ මෙහිදී හඳුන්වාදීමට නියමිතයි.