hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 මාර්තු 27, ප.ව. 12:06



මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.

ඒ අනුව අද (27) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 158,300 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

පසුගිය සිකුරාදා එය දැක්වුණේ රු. 161,000ක් ලෙසයි.

මේ අතර සිකුරාදා රු. 175,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 172,000 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.