hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 ජූනි 24, පෙ.ව. 11:22



ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල ඉහළ යමින් ඇති බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ අද (24) පැවසූවා.

ඩොලරයේ අගය දෙපසට දෝලනය වෙමින් තිබෙන මේ දිනවල කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 154,000 ත් 156,000 අතර මිලක පවතින බවත් කැරට් 24  රත්තරන් පවුමක මිල රුපියල් 167,000 ත් 170,000 ත් අතර මිලක පවතින බවත් හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ කියයි.

ඩොලරයේ අගය අඩු වෙමින් පැවැති පසුගිය සති දෙකකට පමණ පෙර කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 147,000 ක් දක්වා ද, කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 160,000 ක් දක්වා මිල පහත බැස තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: