hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 26, පෙ.ව. 10:14



ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඒවා විදේශියන් අතට පත් වීම වැලැක්වීම සදහා, එම ආයතන මිලදී ගැනීමට ශ්‍රී ලාංකික “ජනතා සමාගමක්” පිහිටුවීමේ සමාරම්භක උත්සවය හෙට (27) දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය විසින් මෙම ව්‍යාපෘතිය සකස් කර ඇති අතර මෙම ජනතා සමාගම පිහිටුවීමේ පළමු සහ ප්‍රධාන වැඩකොටස් හෙට (27) සවස 03.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ බී.- ගොඩනැගිල්ලේ ජැස්මින් ශාලාවේ පැවැත්වීමට නියමිතයි.

මෙහිදී මෙම ජනතා සමාගමේ ප්‍රවර්තකයින් ලෙස සහභාගී වීමට ශ්‍රී ලංකාවේ සහ විදේශගතව සිටින ශ්‍රී ලාංකික අවංක ව්‍යාපාරිකයන් පිරිසකට ආරාධනා කර ඇති බව මෙම සේවක සංගමයේ ලේකම් ජනක විජයපතිරත්න මහතා පැවසුවා.

මෙම ජනතා සමාගමක කොටසක මිල රුපියලක් වන අතර ශ්‍රී ලාංකික ජනතාවට තමන් කැමති ඕනෑම කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන මෙම සමාගමේ කොටස්කරුවෙකු වීමට අවස්ථාව පවතින බව ජනක විජයපතිරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: