hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 12, ප.ව. 12:18



රාජ්‍ය සේවකයන් ලක්‍ෂ 14 ක් සහ විශ්‍රාමිකයන් ලක්‍ෂ 6 ක් වශයෙන් ලක්‍ෂ 20 ක පමණ පිරිසකට මෙවර අයවැයෙන් වැටුප් වැඩිවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් වාර්තා වෙන බව පුවත්පතක් වාර්තා කරනවා.

රාජ්‍ය සේවක සහ විශ්‍රාමික වැටුප් වැඩිවීමට අමතරව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්‍ෂ 10 කට සහන සැලසීමට ද මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇතැයි ද වාර්තා වෙනවා.

වැඩිවන රාජ්‍ය සේවක වැටුප අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වනු ඇතැයි ද රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වලින් වාර්තා වෙනවා.

මේ අතර රාජ්‍ය මූල්‍ය අංශය තවදුරටත් බරපතළ සංකීර්ණ ගැටලුවලට මුහුණදෙමින් සිටින බැවින් වියදම් කාර්යක්‍ෂමව කළමනාකරණය කරන අතරම රාජ්‍ය බදු ආදායම තවදුරටත් වර්ධනය කර ගැනීමට හෙට (13) ඉදිරිපත් වන අය වැයෙන් ප්‍රමුඛ අවධානය යොමු කර ඇත.

මේ අනුව වැට් බදු වැඩකිරීම ඇතුළු නව බදු ආදායම් යෝජනා කිහිපයක් අය වැයෙන් ඉදිරිපත්වන අතර දැනට ආරම්භ කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දිගටම ක්‍රියාත්මක කිරීමට ද අය වැයෙන් අවධානය යොමු කර ඇත.

වර්ෂ තුනක (2024 – 2026) යන වර්ෂ තුනක මැදිකාලීන රාමුවක් තුළ අයවැය සැකසෙන අතර ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට පත්කර ගැනීම සඳහා සැලසුම් කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද මෙවර අයවැයෙන් අවධානය යොමු කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: