hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 11, පෙ.ව. 6:48



කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් සිය අමාත්‍යාංශය විසින් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට නියමිතව තිබූ රුපියල් මිලියන 1,989 ක මුදල් සම්බන්ධයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළා.

ඒ අනුව එම මුදල් මේ මස 31 වැනිදාට පෙර ගෙවා අවසන් කිරිමට නියමිතයි. 

මෙයට අමතරව මේ වසරේ සිදු කළ සංවර්ධන කටයුතු වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට ඇති රුපියල් මිලියන 1,112 ක මුදල ද මේ වසර අවසන් වීමට පෙර සම්පූර්ණයෙන්ම ගෙවා දැමීමට සැලසුම් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ඉදිකිරීම් කර්මාන්තය සඳහා වෙන් වුණු නව සංවර්ධන බැංකුවක් පිහිටුවීම සඳහා වන යෝජනාවක් ද ඉදිරිපත් ව ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: