hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ජූලි 26, පෙ.ව. 10:55



විදේශීය රටවලට මිදි ආනයනය කිරීමට අපේ රටට ඉහල මුදලක් වැය වන යුගයක මිදි වගාවට නුසුදුසු කාලගුණ තත්වයක් පවතින ප්‍රදේශයක ඉතා සාරවත් මෙන්ම ඉහල අස්වැන්නකුත් එමගින් ඉහල ආදායමක් ලබා ගන්නා ගොවි මහතෙකු ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ ඇත්කදවක ප්‍රදේශයේ සිටිනවා.

ඔහු නමින් J.M.W.බණ්ඩාරයි.

ඔහු මිදි වගාව ආරම්භ කර ඇත්තේ මීට වර්ෂ හතකට පෙරයි.

ඒ සදහා කිසිදු පුහුණුවක් ලබාගෙන නොමැති බණ්ඩාර මහතා මිදි වගාව සදහා අවශ්‍ය පැළ ද සකස් කරනු ලබන්නේ ඔහු විසින්මයි.

මෙසේ වගා කරන ලද මිදි වැල් බදුන් තුල මෙන්ම එළි මහනේ ද ඔහු ඉතා සාරවත් ලෙස වගා කර ඇති ආකාරය දැක ගත හැකියි.

මිදි මෙම ප්‍රදේශවල එතරම් සාර්ථක නොවන බවට ඇතැම් අය සිතුවද තමන් එය බොරුවක් බවට පත්කල බව පවසන බණ්ඩාර මහතා තමන් හොද කප්පාදුවක් කර වර්ෂයකට දෙවරක් ඉහලම අස්වැන්නක් ලබා ගන්නා බව පවසන අතර ඇතැම් බදුන්ගත මිදි ගසකින් එක් වරකට කිලෝ 7-10 අතර ප්‍රමාණයක අස්වැන්නක් නෙලා ගන්නා බව කියයි.

ඉතා කුඩා ඉඩකඩක පවා බදුන් ගතව මිදි වගා කර ඉහල අස්වැන්නක් ලබාගත හැකි බව බණ්ඩාර මහතා පෙන්වා දෙනවා.

වැඩිපුර කාබනික මගින් වගා කරන තම මිදි වගාවේ මිදි සදහා ඉහල ඉල්ලුමක් පවතින බව පවසන ඔහු එමගින් ඉහල ආදායමක් ලබා ගන්නා බවද පවසනවා.

එමෙන්ම මිදි පැල සකසා අලෙවි කිරීමද ඔහු සිදු කරති.මේ සදහා කිසිදු බලධාරියෙකුගෙන් සහයෝගයක් නොලැබුනු බව පවසන බණ්ඩාර මහතා වස විසෙන් තොර ඉහල ආදායමක් ලැබෙන දේශීය මිදි වගාව ගොවීන් අතර ප්‍රචලිත කිරීම තම අරමුන බව පවසනවා.

වැලිමඩ – ප්‍රේමලාල් රත්නායක





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: