2025 මාර්තු 23, පෙ.ව. 6:36
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දැනට මුළු ආර්ථිකයෙන් 3% ක් පමණ නියෝජනය කරන නමුත්, ඉදිරි වසර පහ තුළ එහි ව්‍යාප්තිය 15-20% දක්වා වේගවත් කිරීම ජාතික ජන බලවේග රජයේ අරමුණ බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ BOC Flex යෙදවුම දියත් කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවය අමතමිනි.
ඩිජිටල් ආර්ථිකය පරිණත වන විට, විවිධ වේදිකා බිහිවන බවත්, කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, නිෂ්පාදන, ප්‍රවාහනය සහ අධ්‍යාපනය යන අංශවල ඩිජිටල්කරණය ඒවා කෙරෙහි ප්‍රවේශය පුළුල් කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇති බවත් ආචාර්ය විජේසූරිය අවධාරණය කළේය.
දියුණු ආර්ථිකයන්හි, ඩිජිටල් අංශය දළ දේශීය නිෂ්පාදිතයෙන් 20-40% ක් පමණ වන බවත්, ශ්‍රී ලංකාවේ දැනට ඇති පරතරය පියවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේ ය.
වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ ගෝලීය මට්ටමේ ඩිජිටල් ගෙවීම් යටිතල පහසුකම් ගොඩනැගීමේදී ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇතත්, එය වඩා පුළුල් කරගැනීම ගැනීම තවමත් අභියෝගයක් බවයි.
“නමුත් එය පුළුල් කරමින්, නව මානයන් සොයා යාම අපෙ රටේ එතරම් දියුණු මට්ටමක ඇත්තේ ඇයි? පුරවැසි මට්ටමින්, රජයේ ගනුදෙනු වලදී හෝ ව්‍යාපාර අතර වේවා ඩිජිටල් ගෙවීම් වඩාත් පුළුල් ලෙස භාවිතා කළ යුතු බව අපට නොපෙනෙන්නේ ඇයි? එය අප විසින් විසඳාගත යුතු ගැටළුවක්.”
බාධාවකින් තොරව ඩිජිටල් බැංකුකරණ අත්දැකීමක් ලබා දීම මගින් මෙකී පරිවර්තනය මෙහෙයවිය හැකි සුවිශේෂී පහසුකමක් ලෙස BOC Flex හැඳින්විය හැකි බව ආචාර්ය විජේසූරිය ප්‍රකාශ කළේ ය.
මූල්‍ය ආයතන, මූල්‍ය තාක්ෂණ සමාගම් සහ ඩිජිටල් සේවා සපයන්නන් ඩිජිටල් සේවා භාවිතය වේගවත් කිරීම සඳහා පරිශීලක අත්දැකීම් වැඩි දියුණු කිරීම කෙරෙහි වඩා අවධානය යොමු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
2025 මාර්තු 20, ප.ව. 2:30
2025 මාර්තු 19, ප.ව. 2:31
2025 මාර්තු 18, ප.ව. 3:23
2025 මාර්තු 18, පෙ.ව. 11:06
2025 මාර්තු 17, ප.ව. 1:07