hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මැයි 31, පෙ.ව. 10:18



ලෝක වෙළෙඳපොළෙහි සිමෙන්ති, යකඩ සහ ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ රැසක මිල පහත බැස තිබෙනවා.

ඒ සමග ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය ද මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා යොදා ගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.

ඒ අනුව රුපියලේ අගය 20%කින් පමණ අධිප්‍රමාණය වී ඇති පසුබිමක් තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහළ ගොස් ඇති ආකාරය සොයා බැලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (30) මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

එහිදී විශේෂයෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි බලගැන්වීම සඳහා වන යෝජනා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර විවෘත ආර්ථිකය යටතේ මිල අඩුවීම ඉබේ සිදු වීමට ඉඩ නොතබා අවශ්‍ය මැදිහත්වීම් සිදු කළ යුතු බව ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.

කෙසේවෙතත්, ඉදිරි කාලය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහත යන ආකාරය නිරීක්ෂණය කරමින් මසකින් රැස් වී අදාළ මිල ගණන් පහත දමන ප්‍රතිශතය නිශ්චිත දැනුම් දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.