hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:02



අඩු ආදායම්ලාභීන්ට හා කෘතහස්ත කලාකරුවන්ට හා මාධ්‍යවේදීන් සඳහා චීන රජයේ ආධාර මත ඉදිකරනු ලබන නිවාස ඒකක 1996 ට ආදළ ගිවිසුම ලබන මාසයේදී අත්සන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශය පවසන්නේ ලබන මාසයේදී චීනයේ බීජිං නුවරදී පැවැත්වෙන “සහයෝගීතාවය සඳහා වන මාර්ග මුල පිරීම” (BRI) සමුළුව අතරතුරදී ගිවිසුම් අත්සන් කිරීම සිදුවන බවයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙම නිවාස 1996න් නිවාස ඒකක 108ක් මෙරට කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහා වෙන්කෙරේ. එම නිවාස කොට්ටාව පළතුරු වත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ඒකක 1888ක් වෙන් කරන බවද හෙතෙම පවසයි.

මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා චීන රජය විසින් මෙරටට යුවාන් මිලියන 552ක මූල්‍යාධාරයක් ලබාදේ.

මෙහිදී මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන බදු මුදල්, ඉඩම් අත්පත් කර ගැනීමට වැයවන පිරිවැය, ඉඩම් සංවර්ධනයට වැයවන පිරිවැය නිර්මාණ කටයුතු සහ මූලික මිල ගණන් පත් සැකසීම සඳහා පිරිවැය, ටෙන්ඩර් කටයුතු සඳහා පිරිවැය සහ අපරව්‍යුහ පහසුකම් සඳහා වැයවන පිරිවැය දැරීම ශ්‍රී ලංකා රජය විසින් සිදුකරනු ලබයි.

මීට අදාළ හුවමාරු ලිපියට චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා රජය පසුගිය වසරේ ජනවාරි 9 වැනිදා අත්සන් තබා තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙම ව්‍යාපෘතිය තුලින් අඩු පහසුකම් සහිත ජනාවාසවල පදිංචිකරුවන්ගේ ජනාවාස ප්‍රශ්නය සඳහා ස්ථීර විසඳුමක් ලැබෙනු ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: