hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මාර්තු 22, පෙ.ව. 9:59



ශ්‍රී ලංකා රජය රටේ පවතින ආර්ථික පසුබිම නිසි ලෙස තක්සේරු කරගෙන සිටීම පිළිබඳව ප්‍රශංසාව පළ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පවසනවා.

මූල්‍ය කළමනාකරණය සහ නව ආර්ථික ප්‍රතිසංස්කරණ වලදී කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ඔවුන් පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

එහිදී මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ප්‍රකාශ කළේ අතීතයේ සිදුවූ වැරදි මොනවාද යන්න පිළිබඳ අවධානය යොමු කරනවාට වඩා නව ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳ අවධානය යොමු කිරීම වඩා වැදගත් බවයි.

රට මුහුණ දී ඇති දුෂ්කර තත්ත්වයෙන් ගොඩඒමේ දී මූල්‍ය පාලනය, දූෂණ විරෝධි බව හා නීතියේ ආධිපත්‍ය යන කරුණු කෙරෙහි රාජ්‍ය නිලධාරීන්ගේ වගවීම ඉතා වැදගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පෙන්වා දුන්නා.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානින් සමඟ ඊයේ (20) මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

ශ්‍රී ලංකා රජය, රටේ පවතින ආර්ථික පසුබිම නිසි ලෙස තක්සේරු කරගෙන සිටීම පිළිබඳ සිය ප්‍රශංසාව පළ කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ මූල්‍ය කළමනාකරණය සහ නව ආර්ථික ප්‍රතිසංස්කරණවලදී කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නා.

අතීතයේ සිදුවූ වැරදි මොනවාද යන්න පිළිබඳ අවධානය යොමු කරනවාට වඩා නව ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳ අවධානය යොමු කිරීම වඩා වැදගත් බවත්, විවිධ ක්ෂේත්‍රයන්හි දකින අභියෝග හා ප්‍රතිසංස්කරණවලදී ප්‍රමුඛතාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දිය හැකි සහාය පිළිබඳ සොයා බැලීම වැදගත් බවත් එම නියෝජිතයින් පෙන්වා දුන්නා.

රටක් ලෙස ඉදිරියට යාමට මෙම නව ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍ය බව සඳහන් කළ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා එහිදී රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ හා එම මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍ර ප්‍රමුඛ වන බවත් ඒ අනුව මූල්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ ගැටළු නිරාකරණය කරගැනීමට හැකියාව ලැබෙන බවත් සඳහන් කළා.

මෙම කාර්යයට සෘජුව දායක වන රාජ්‍ය ආයතන ප්‍රධානීන් මෙහිදී සිය අදහස් ඉදිරිපත් කළා.