hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 මාර්තු 23, පෙ.ව. 3:43



ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 333ක මුදල බොහෝ විට ඉදිරි දින දෙක තුළ මෙරටට ලැබෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරනවා.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කරන ලද ණය පහසුකම යටතේ ඉදිරි වසර 4 තුළ ඩොලර් බිලියන 3ක මුදලක් මෙරටට ලැබීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන තුනක විස්තීර්ණ මූල්‍ය පහසුකම සැපයීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ වොෂින්ටන්හි පෙරේදා (21) මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මේ බව පැවසුවා.

ශ්‍රී ලංකාවේ සර්ව ආර්ථික ස්ථායිතාවය ඇතිකිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

එමෙන්ම මෙරට බදු ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා දුප්පතුන් ආරක්ෂා කරමින් ධන බද්දක් අය කිරීමද මෙම වැඩසටහනට ඇතුළත් වනවා.

වත්කම් හෙළිකිරීම දූෂණ විරෝධි පනත මගින් නුදුරේදීම සිදුවන බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව බැඳී සිටින බවත් ඊට අදාළ පියවර ලබන වසරේ (2024) වසරේ මාර්තු මාසයේදී ගන්නා බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළා.

වත්කම් හෙළිකිරීම සහ සොරකම්කළ මුදල් යළි රටට ගෙන ඒම යන කරුණු පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමු කර තිබෙනවා.