hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 ජූලි 08, ප.ව. 2:37



මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත්වීම වසරේ දෙවන අර්ධයේදී දැකගත හැකි බවත් එය ඉදිරියට එලෙසම පවතිනු ඇති බවට නිර්ණය කරන බවත්ය.

සී.එන්.බී.සී විදෙස් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟතාවකින් තොරව පාරිභෝගිකයින්ට ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර ආනයන සීමා ද ලිහිල් කර ඇති බවයි.

“මීට පෙර පැවැති තත්ත්වය හා වර්තමාන තත්ත්වය පිළිබඳව සලකා බැලීමේදී දැන් කිසිඳු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක හිඟයක් නැහැ. ඒ වගේම ඉන්ධන හා ගෑස් මිලද දැන් පහළ යමින් පවතිනවා. රජය දැන් ආනයන සීමා බොහෝමයක් නිදහස් කර තිබෙන අතර ඉදිරියේදී තවදුරටත් ආනයන සීමා නිදහස් කිරීමට කටයුතු කරනවා.”

“සියලුම දත්ත මගින් පෙන්වා දෙන්නේ පාරිභෝගිකයින්ගේ විශ්වාසය නැවත ඇතිවී ඇති බවයි. ඒ වගේම රුපියල මේ වසරේ ගතවු කාලයේදී ශක්තිමත් වෙමින් පවතිනවා. ඒ වගේම ඔබට දැක ගත හැකියි කොටස් වෙළඳපොළ මිල දර්ශකය ඉතා ධනාත්මක ලෙස පවතිනවා. ඒ නිසා පාරිභෝගිකයින්ගේ රුචිකත්වය ඉහළ යාමත් සමග ඉල්ලුමද දැන් ඉහළ යමින් තිබෙනවා. ඒ නිසා ආර්ථිකය ප්‍රකෘතිමත්වීම වසරේ දෙවන අර්ධයේදී දැක ගත හැකි අතර එය ඉදිරියටම එලෙසම පවතිනු ඇති බවට අපි සිතනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: