hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජූනි 02, ප.ව. 12:32



මේ වන විට ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වලින් 300 – 400 ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලබන සතියේදී ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී අමාත්‍යවරයා පැවසූයේ මේ වන විට ඩොලර් ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩි වීම හේතුවෙන් ඩොලරය ශක්තිමත් වීම පදනම් කරගෙන මෙම ආනයන සීමා ලිහිල් කිරීම සිදුවන බවයි.

කෙසේ වෙතත් දේශීය ආර්ථිකයට බලපෑමක් වන දේශිය වශයෙන් නිපදවන භාණ්ඩ ආනයන සීමා ඉවත් කිරීමේ අදහසක් නොමැති බවද අමාත්‍යවරයා එහිදී පැවසුවා.