hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:03



රජය විසින් වැඩි කර ගත් 43%ක ආදායමට සාපේක්ෂව වියදම ද 48%කින් වැඩි වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසනවා.

ඒ මහතා තවදුරටත් පවසන්නේ 2022 වසරේ රජයේ ආදායම සහ වියදම 2023 වසර සමඟ සංසන්දනය කරන විට 2022 දී ආදායම රුපියල් බිලියන 919කින් වැඩි කරගෙන ඇති අතර 2023දී එය රුපියල් බිලියන 1317 දක්වා වැඩි කරගෙන ඇති බවයි.

රජයේ වියදම දෙස බැලීමේ දී 2022 දී රුපියල් බිලියන 1571ක් වූ වියදම 2023 දී රුපියල් බිලියන 2326 වී තිබෙන බවද ඔහු සඳහන් කරනවා.

මහාචාර්යවරයා තවදුරටත් පවසන්නේ ආයෝජන වියදම ද 7%කින් අඩු වී ඇති බවයි.

මෙම වසරේ අපේක්ෂිත ආදායම ද 75%ක් පමණක් ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: