2023 ජනවාරි 10, ප.ව. 4:44
ශ්‍රී ලංකාවට බිත්තර සැපයීම සඳහා සැපයුම්කරුවන් 20 ක් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බවත් එම සැපයුම්කරුවන්ගෙන් වැඩි සංඛ්‍යාවක් ඉන්දීය සැපයුම්කරුවන් බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග පවසනවා.
වෙළෙඳ අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුව එම සැපයුම්කරුවන් ඉදිරිපත් කළ ටෙන්ඩර් විශ්ලේෂණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පවතින තත්වය මත ශ්‍රී ලංකාවේ බිත්තර අවශ්‍යතාව, ආනයන කරන බිත්තර සංඛ්‍යාව, ඉන්දීය රුපියල්වලට ආනයනය සිදුවන්නේද යන්න ඇතුළු සියලුම කරුණු පිළිබඳව තීරණය අදාල තාක්‍ෂණික කමිටුව ගන්නා බව එම ආරංචි මාර්ග සඳහන් කළා.
රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සහ වෙළෙඳ අමාත්‍යංශයේ නිලධාරීන් අතර බිත්තර ආනයන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) පෙරවරුවේ පැවැත්වුණා.
2026 අප්‍රේල් 25, ප.ව. 9:29
2026 අප්‍රේල් 24, ප.ව. 12:52
2026 අප්‍රේල් 24, ප.ව. 12:13
2026 අප්‍රේල් 23, ප.ව. 7:08
2026 අප්‍රේල් 23, ප.ව. 3:39