hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 ජූලි 07, ප.ව. 8:35



ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය නැවත ගෙවීම සඳහා ලබාදී ඇති කාලය දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

සීමාසහිත ඉන්දීය අපනයන ණය ඇපකර සංස්ථාවේ (Export Credit Guarantee Corporation (ECGC) Ltd’s) සභාපති එම්. සෙන්දිල්නාදන් මහතා පවසන්නේ ඒ අනුව එම ණය ගෙවීම සඳහා වසර 12ක පමණ කාලයක් ලබාදීමට නියමිත බවයි.

මෙම වසර මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ එහි ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කිරීමට ඩොලර් බිලියන 3 ක ණය වැඩසටහනක් අනුමත කළා.

ඉන්දියාව මීට පෙර ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක ණය මාර්ගයක් වසරකින් ගෙවීම දීර්ඝ කර තිබෙනවා.

එසේම පසුගිය වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදයේ උච්චතම අවස්ථාවේ දී ඉන්දියාව විසින් ලබා දුන් ඩොලර් බිලියන 4 ක හදිසි ආධාරයේ කොටසක් වන ණය වාරිකය මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: