hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 ජූලි 10, පෙ.ව. 12:09



ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඉදිරියට ගෙන යාම සඳහා ඉදිරියේදී පොලී අනුපාත නැවත අඩු කිරීමක් සිදු විය හැකි බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සී.එන්.බී.සී නාලිකාව සමඟ පැවති සාකච්ඡාකදී ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පසුගියදා නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 2 කින් පහළ දැමීමට කටයුතු කළේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 11 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 12 දක්වාත් පහල දැමිණ.

මෙය ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය පිට පිට පහළ දැමූ දෙවැනි වතාව වුණා.

උද්ධමනය සහ නිමැවුම් පරතරයේ ඉදිරි දැක්ම පදනම් කරගනිමින් ඉදිරියේදී තවදුරටත් පොලි අනුපාත කප්පාදු කිරීමට සිදුවිය හැකි යැයි මහ බැංකු අධිපති වරයා සී.එන්.බී.සී නාලිකාව සමඟ පවසා තිබෙනවා.

මෙතෙක් ගත් තීරණ නිවැරදි බව මින් පෙනී යන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මුළු ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 83 ක් බවත් ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 41.5 ක් බාහිර ණය බවත් ඉතිරි ඇමෙරිකානු ඩොලර් බිලියන 42.1 ක මුදල දේශීය ණය බවත් සී.එන්.බී.සී නාලිකාව මත පෙන්වා දී තිබෙනවා.

මෙම වසරේ අවසන් මාස 6 තුළදී ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත්වීම සඳහා ධනාත්මක මාවතකට පිවිසීමට පොලී අනුපාත කප්පාදු කිරීම කිසියම් අයුරකින් සහායක් ලබා දෙනු ඇති බව විශ්වාස කරන බවත් ලබන වසර පුරාවට ශ්‍රී ලංකාව ධනාත්මක මාවතක සිටිනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

එසේම ඉදිරියේදී තවත් ආනයන සීමා ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: