hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:06



මේ වනතෙක් බැංකු පොලී අනුපාත අඩු නොකළ වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියා.

බැංකු පොලී අනුපාත අඩු කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට අනුව මෙම තීරණය ගත් බවත්, පසුගිය කාලයේ බැංකු පොලී අනුපාත ඉහළ මට්ටමක තිබියදී ලබාගත් දිගුකාලීන තැන්පතු සඳහා පොලිය ගෙවීමේදී වාණිජ බැංකුවලට යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වුවද, දැඩි පීඩනයකට ලක්ව සිටින ජනතාව වාණිජ බැංකුවලින් බලාපොරොත්තු වන්නේ මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැංකු පොලී අනුපාත අනුව ක්‍රියා කරනු ඇති බවයැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

සියඹලාපිටිය මහතා තවදුරටත් කියා සිටියේ , සියලුම රාජ්‍ය හා පෞද්ගලික වාණිජ බැංකු මෙන්ම මුල්‍ය ආයතන ද මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට අනුව කටයුතු කළ යුතු බව රජයේ ස්ථාවරය බැවින්, වහාම එම බැංකුවල පොලී අනුපාත අඩු කිරීම විය යුතු බවත්, ඒ සම්බන්ධ‌යෙන් දැඩි හා සෘජු පරීක්ෂණයක් සිදුකරන බවයි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මෙ බව කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: