2022 දෙසැම්‍බර් 22, පෙ.ව. 7:58
බොහෝ විට පවතින වාතාවරණය හමුවේ මෙරට සමාගම්වල කඩා වැටීමක් සිදුවුවහොත් ආයෝජකයින්ට යම් පියවරක් ගැනීමට සිදුවන බව නිදහස් වෙළෙඳ කළාප ආයෝජකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා පවසනවා.
ඔවුන් මේ වන විට ඉතාමත් ආකර්ෂණීය ආයෝජන ගමනාන්තයක් වන අප්‍රිකානු කලාපය වෙත විතැන් විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
“මේ වෙන කොට ඉතාම ආකර්ෂණීයම ආයෝජන ගමනාන්තය බවට අප්‍රිකානු උප සහරා කලාපය පත්ව තිබෙනවා. මේ කලාපයට යන්න ඕන තරම් ආයෝජකයෝ බලා ගෙන ඉන්නවා. අපේ රටවල්වලට වඩා ගොඩාක් පහසුකම්, ඒ වගේම මිල අඩුවෙන් නිෂ්පාදන කටයුතු කරන්න පුළුවන්.“ යැයි ඒ මහතා සඳහන් කළා.
2026 අප්‍රේල් 30, ප.ව. 12:22
2026 අප්‍රේල් 30, ප.ව. 12:01
2026 අප්‍රේල් 29, ප.ව. 1:37
2026 අප්‍රේල් 29, ප.ව. 1:16
2026 අප්‍රේල් 28, ප.ව. 2:06