hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 11, පෙ.ව. 7:17



ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක් දීමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා එකඟ වූයේ යැයි  ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ ජපන් නියෝජිතයන් පිරිසක් අතර ක්‍රීඩා අමාත්‍යංශයේදී ඊයේ (10) පැවැති සාකච්ඡාවකදී තානාපතිවරයා එසේ එකඟ වී තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ පුහුණු ශ්‍රමිකයින් බිහිකිරීම සඳහා ජපන් රජයේ මැදිහත්වීමෙන් පුහුණු ආයතනයක් ඇති කිරීමටත් ඒ සඳහා ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන්ට අවස්ථාව දීමටත් කැමැත්ත පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ජපානය තුළ ඇති රැකියා අවස්ථාවන් පිළිබඳව සහ එම රැකියා සඳහා යොමු වීමේදී සපුරාගත යුතු දැනුම කුසලතාවය සහ භාෂා හැකියාවන් පිළිබඳව මෙම පුහුණු මධ්‍යස්ථානයේදී අවබෝධයක් දීමට නියමිතයි.