hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මැයි 18, පෙ.ව. 7:19



එරාවුර් නගරයේ නූල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා පහක් ස්ථාපිත කිරීමට නියමිතයි.

ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ ප්‍රධාන ලේකම් යොහාන් ලෝරන්ස් මහතා පවසන්නේ අතර එමගින් නව රැකියා අවස්ථා 20000ක් ඇතිවන බවයි.

ඇඳුම් මැසීම සඳහා අවශ්‍ය නූල් වර්ග සම්පූර්ණයෙන්ම මේ වන විට ආනයනය කරන අතර නව කර්මාන්ත ශාලා ආරම්භවීමෙන් පසුව 2026 වසරේදී මෙරට නූල් අවශතාවයෙන් සියයට 30ක් සම්පූර්ණවන බවද ලේකම්වරයා පෙන්වා දෙනවා.

මේ අතර එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන්ව සිට පසුව පුනරුප්ථාපනය වූ තරුණ තරුණියන් 8000ක් උතුරේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන බවද ලෝරන්ස් මහතා කියා සිටියා.

උතුරේ ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරන සේවකයන්ගෙන් සියයට 80ක්ම කාන්තාවන් බවද ඔවුන් ගෘහයේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන බවද ඔහු ප්‍රකාශ කළා.