hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 03, ප.ව. 7:56



ධීවර කර්මාන්තයේ පළපුරුද්දක් ඇති ශ්‍රමිකයින්ට කොරියාවේ ධිවර ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා විවෘත කරදීමත් ධීවර ක්ෂේත්‍රයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමත් සම්බන්ධයෙන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ දකුණු කොරියානු ජාත්‍යන්තර සමුපකාර ධීවර සංවිධානයේ සභාපති Im Joon Taek මහතා අතර සාර්ථක සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව ධීවර රැකියා සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද දෙපාර්ශවයේ අවධානය යොමුවී තිබෙනවා.

සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොරියානු රජය ඒ සදහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතයි.

දැනට කොරියානු ධීවර රැකියා සදහා ලබාදෙන ඊ 9 වීසා කාණ්ඩය යටතේ බදවාගනු ලබන ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ඉහළ නංවාගැනීම සදහාද මෙහිදී අවධානය යොමුවූ අතර කොරියානු ධීවර රැකියා සදහා දෙවරක් ගොස් ඇති ශ්‍රමිකයින්ට නැවත වරක් එම රැකියා අවස්ථා ලබාගැනීමට ඇති හැකියාව ගැනද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ඊ 7 හෝ  ඊ 10 කාණ්ඩයේ වීසා බලපත්‍ර හරහා මෙම අවස්ථාව ලබාදීමටද වැඩිදුරටත් අවධානය යොමුව තිබෙනවා.

මේ අතර කොරියානු ධීවර ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින්ට ලංකාවට පැමිණ ආයෝජනය කරන ලෙසට අමාත්‍යවරයා, කොරියානු ජාත්‍යන්තර සමුපකාර ධිවර සංවිධානයේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර එයටද යහපත් ප්‍රතිචාර හිමිව තිබෙන බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: