hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 30, පෙ.ව. 12:05



විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් විදෙස්ගත වන ශ්‍රමිකයින් සඳහා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ විදේශ ගත වන්නන් සඳහා වන පුහුණු පාඨමාලා මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

පසුගිය දිනෙක එම කාර්යංශය සමඟ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මේ සම්බන්ධව අවබෝධතා ගිවිසුමකට අත්සන් ද තැබුණා.

මේ අතර දිවයින පුරා පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 206 න් 107 ක් මේ සඳහා යොදවා ඇති අතර සෑම මධ්‍යස්ථානයකම තවත් පාඨමාලා 50% කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම තවත් 4,000 කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට හැකියාව පවතින බව‍ විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළා.

කෙසේ වෙතත්, මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 0117 277 888 සහ 0117 270 270 යන දුරකතන අංක ඔස්සේ ලබා ලබා ගත හැකියි.