hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:01



කොරියානු ජනරජයේ කම්කරු හා රැකියා අමාත්‍ය ලී ජුන්ග්සික් පවසා සිටින්නේ මේ වසරේදී කොරියානු රැකියා සඳහා බඳවාගන්නා ශ්‍රී ලාංකික පුහුණු සේවකයන් ප්‍රමාණය වෙනත් වසරවලට සාපේක්ෂව දෙගුණ කරනු ඇති බවයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කොරියානු තානාපති ලී මියොන් ඇතුලු දූත පිරිසක් අතර ඊයේ (14) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කොරියානු භාෂා දැනුම ඇති පුහුණු ශ්‍රමිකයන්ට වැඩි අවස්ථා හිමිවනු ඇති බවයි.

මෙහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , කොරියාවේ වැඩි රැකියා ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ට ලබා දීමේ වැඩපිළිවෙළටත්, සෞඛ්‍ය,කෘෂිකර්ම,අධ්‍යාපන සහ තොරතුරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍රවල සංවර්ධනය වෙනුවෙන් ලැබෙන සහයටත් ස්තූතිය පළකර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ තරුණ නිපුණතා සංවර්ධන වැඩසටහන් සහ කොරියානු භාෂාව ඉගැන්වීම සඳහා තවදුරටත් කොරියානු රජයේ සහය බලාපොරොත්තු වන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: