2023 ජූනි 13, පෙ.ව. 12:07
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) ඉදිකිරීම් අංශයේ විදේශ රැකියා සඳහා උනන්දුවක් දක්වන ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ප්‍රමාණ සමීක්ෂකයින් සඳහා දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
එමෙන්ම ඉදිකිරීම් අංශයට හිමිවන රැකියා අවස්ථා සුරක්ෂිත කර ගැනීමේ හැකියාව ගවේෂණය කරමින් සිටින බව ද එම නිවේදනයේ සඳහන්.
මේ සම්බන්ධයෙන් උනන්දුව දක්වන පුද්ගලයින් හට සිය ජීව දත්ත (CV) ඉදිරිපත් කරන ලෙසද එම කාර්යාංශය දැනුම්දී තිබෙනවා.
ජීව දත්ත (CV) ඉදිරිපත් කිරීමට පිවිසිය යුතු ලිපිනය පහතින්, https://services.slbfe.lk/jobbank/specialjobs?%22
මීට අමතරව සෞදි අරාබියේ ඉදිකිරීම් අංශයේ රැකියා ලබාදීමට පවත්වන ලද සමීක්ෂණය සඳහා දැනටමත් තොරතුරු ලබා දී ඇති පුද්ගලයින් මේ හරහා තොරතුරු ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවද සඳහන් වෙනවා.
2026 අගෝස්‍තු 24, ප.ව. 2:06
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32