hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:01



හැකියාවක් ඇති රැකියා නොමැති තරුණ තරුණියන්ට මාසික ආදායම් මාර්ගයක් හිමිකිරීමේ වැඩසටහනින් උපරිම ප්‍රයෝජන ලබාගන්නා ලෙස නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා තරුණ ප්‍රජාවගෙන් ඉල්ලයි.

හැකියාවක් ඇති රැකියා නොමැති තරුණ තරුණියන්ට මාසික ආදායමක් හිමිවන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා පාර්ලිමේන්තුවේද උපරිම සහාය ලබාදීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අජිත් රාජපක්ෂ මහතා කියා සිටියා.

එමඟින් උපරිම ප්‍රයෝජන ලබාගන්නා ලෙසද නියෝජ්‍ය කථානායකවරයා තරුණ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළා.

නියෝජ්‍ය කථානායකවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා තරුණ කවය සංවිධානයේ සභාපති මහීන් දිසානායක, එහි උපදේශක සහ සණස බැංකුවේ සමිති සංවර්ධන ප්‍රධානී තුසිත වීරවර්ධන මහත්වරුන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදීයි.

වයස අවුරුදු 18-30ත් අතර වයස් සීමාවේ පසුවන හැකියාවන් සහිත රැකියාවන් නොමැති තරුණ තරුණියන්ට මාසික ආදායමක් ලැබෙන ආකාරයට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

සංස්කෘතික, කලා, ක්‍රීඩා ඇතුළු විවිධ නිර්මාණ හැකියාවන් ඇති තරුණ තරුණියන්ට මාසික ආදායමක් ලැබෙන පරිදි ඔවුන් දැනුවත් කිරීම හා එම ආදායම් මාර්ග ලබාගැනීමට ඔවුන් යොමු කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම තරුණ පිරිස් විවිධ වෘත්තීය පුහුණු සඳහා යොමු කිරීම මීට අමතරව කොරියානු, ජපන් භාෂා ඇතුළු විවිධ භාෂාවන් ඉගැන්වීම ඇතුළු අධ්‍යාපන කටයුතුද මෙම වැඩසටහනට ඇතුළත් වීම විශේෂත්වයක්

සති අන්තයේ මීට අදාළ පුහුණුවීම් ලබාදීමට නියමිත අතර මාස 06ක පුහුණුවක් ලබාදීමට නියමිතයි.

මෙම වැඩසටහන පිළිබඳව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ ජනතා නියෝජිතයන් සහ පාර්ලිමේන්තුවේ අදාළ අංශ දැනුවත් කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා සඳහන් කළා.

මෙම වැඩසටහන සඳහා ජාතික තරුණ සේවා සභාවේද පූර්ණ සහයෝගය හිමිවන අතර මේ සඳහා එක්කර ගන්නා පළමු කණ්ඩායමට තරුණ තරුණියන් 1000 ඇතුළත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

එය ලබන මාසයේදී මහරගම ජාතික තරුණ සේවා සභාවෙන් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා තරුණ කවයේ සභාපති මහීන් දිසානායක සඳහන් කළේය. මෙම වැඩසටහන දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවත් හැකියාවන් සහිත රැකියා නොමැති තරුණ තරුණියන්ට මාසික ආදායම් මාර්ගයක් ලබාගැනීමට මෙය හොඳ අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා තරුණ කවය සංවිධානයේ උපදේශක සණස බැංකුවේ සමිති සංවර්ධන ප්‍රධානී තුසිත වීරවර්ධන සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: