hit counter

2023 මාර්තු මස 28 වන අඟහරුවාදා

2023 ජනවාරි 31, ප.ව. 1:35


WhatsApp
Telegram

පාන් පිටි මිල අඩු වුවත් ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල කිසිසේත්ම අඩුවක් නොමැති බැවින් වහාම කොත්තු, රෝල්ස් ඇතුළු පිටි ආශ්‍රිත නිෂ්පාදන සියල්ලෙහිම මිල අඩු කළ යුතු බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවැසුවා.

එහි ජාතික සංවිධායක අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ මේ සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව මැදිහත් වී මිල පාලනය කිරීමට වහාම සූත්‍රයක් ගෙන ආ යුතු බවයි.

උදාරණයක් ලෙස කොත්තුවක මිල දැනටත් රුපියල් 700ට අධික වන අතර එහි අසීමිත ලාභයක් කඩ හිමියන් ලබාගන්නා බවත් අවම තරමින් කොත්තුවක් රුපියල් 450-500 අතර මිලකට ලබාදිය හැකි බවත් රෝල්ස්, පැටිස්, මාළුපාන් ඇතුළු නිෂ්පාදන අඩු මිලට අලෙවි කළ හැකි බවද හෙතෙම පෙන්වා දුන්නා.

බී ලූනු, අර්තාපල්, සීනි, තිරිඟු පිටිවල මිල සැලකිය යුතු ප්‍රමාණයකට මේ වනවිට අඩු වී ඇති නමුත් භාණ්ඩ මිල අඩු කළාට පමණක් පාරිභෝගිකයාට සාධාරණයක් නොමැති අතර විශේෂයෙන්ම ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඒ ඒ ආකාරයට අඩු විය යුතු බව හෙතෙම සඳහන් කළා.