hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ජූලි 20, පෙ.ව. 12:25



මත්පැන්වල සැර මත බදු පැනවීමට රජයේ අවදානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රූපවාහිනි වැඩසටහනට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසාසිටියේ, රාජ්‍ය ආදායමට බදු ගෙවූ මත්පැන් බෝතලයක්ද යන්න සොයාගැනීම සඳහා ස්ටිකර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බවත්ය.

මේ අතර නිෂ්පාදනාගාර සහ සුරාබදු දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය අතර තාක්ෂණික තොරතුරු හුවමාරුවක් කිරීමට බලාපොරෝත්තු වන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවා.

එමෙන්ම සූරාසැල් ස්ථාන ගත කිරීම පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ, “පාරිභෝගීක ජනතාවට පහසුවෙන් මිලදීගැනීමට ඇති ස්ථාන පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. සමහර දිස්ත්‍රික්කයන් තියෙනවා කිලෝමීටර් 80කට නිත්‍යානූකූල සූරාසැලක් නැහැ. මේකට ඇබ්බැහි වුණ කෙනෙක් කිලෝමීටර් 80ක් ගෙවාගෙන යන්නේ නැහ‍ැ. ඔහු අනිවාර්යෙන්ම නීතිවිරෝධී පානයකට ඇබ්බැහි වෙනවානේ. එකෙන් සිද්ධ වෙන්නේ ඔහු කරන පානය පිළිබඳ කිසිදු වගකීමකුත් නැහැ. සමහර වෙලාවට අපි දකිනවා 50, 60 මැරෙනවා එක එක තැන්වල. ඒ වගේම රජයට කිසිදු ආදායමකුත් නැහැ. ඒ ආදායම යන්නේ වෙනත් ජාවාරම්කාරයෙකුට. ඉතින් මේවා දෙස විවෘත මනසකින් බලලා මේ ස්ථානගතවීම් ආදිය පිළිබඳ යම්කිසි වැඩපිළිවෙළක් හදන්න අවශ්‍යයි”, යනුවෙනි. 

ප්‍රශ්නය – මේ සුරාසැල් විවෘතකරන සහ වසාතැබෙන වෙලාව පිළිබඳවත් යම් කිසි සංශෝධනයක් කරනවද ?

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා – එහෙමත් ප්‍රශ්නයක් තියෙනවා. 

ප්‍රශ්නය – ඒක කරන්න ගිය සෑම වෙලාවකම විශාල විරෝධයක් එනවා ලංකාවේ ?

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා – “එවා අපි පැහැදිලි කරන්න ඕනේ. හැබැවට මේ සටන අපි කොහෙටද ගෙනියන්න ඕනේ කියලා. රාජ්‍ය ආදායම ගැන පැත්තෙන්ම නෙමෙයි. නීත්‍යානූකූල මත්පැන් නැති තැනට.. එහෙමනම් අපි ලොකු සටනක් දෙන්න වෙනවා.. හරි අපි නීත්‍යානූකූ මත්පැන් පුළුන් තරම් අපි පාලනය කරමු. හැබැයි ඊට සමගාමීව ලොකු යුද්ධයක් අපි කරන්න වෙනවා නීත්‍යානූකූල නොවන මත්පැන් පාලනයට.” 

ප්‍රශ්නය –  අඩු සැර 20%ක් වුණ මත්පැන් වර්ගයක් හඳුන්වාදීම කෙරෙහි මේ කමිටුව අවධානය යොමුකරලා තියෙනවා කියලා යෝජනාවලියේ තියෙනවාද ?

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා – ඇත්තෙන්ම ලෝකයේ බොහෝවිට මේ මිලත් එක්ක පාරිභෝගිකයා නීත්‍යානුකූල මත්පැන්වලට ඇදීයාම වළක්වන්න ලෝකේ රටවල මේවා කරලා තියෙනවා. මෙවැනි ප්‍රතිකර්ම. ඉතින් අපි සොයාබැලිය යුතුයි ඇත්තෙන්ම.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: