2022 අගෝස්‍තු 29, ප.ව. 12:13
මෙරට මත්පැන් අලෙවිය සැලකිය යුතු මට්ටමකින් පහළ වැටී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පුවත්පතකට පවසා තිබෙනවා.
දේශීය ප්‍රධාන මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකක අලෙවිය මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ අසීමිත ලෙස පහළ වැටී ඇති බවත් එම දත්ත පෙන්වා දෙමින් මත්පැන් අලෙවිය පහත වැටීම සම්බන්ධයෙන් හෙතෙම මෙම අදහස් පළ කළා.
ජනතාව දැඩි ආර්ථික පීඩාවකින් සිටීම මීට ප්‍රධානතම හේතුව වන අතර මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් කසිප්පු ඇතුළු නීතිවිරෝධී මත්පැන් අලෙවිය ඉහළ යා හැකි බැවින් එවැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඬලීම සඳහා සුරාබදු වැටලීම් නිලධාරීන් වැඩි වශයෙන් යොදවමින් රටපුරා වැටලීම් පවා වැඩි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කොට තිබෙනවා.
මේ තත්ත්වය මත රජයට ලැබෙන සුරාබදු ආදායමටද තර්ජනයක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
2026 අප්‍රේල් 30, ප.ව. 12:22
2026 අප්‍රේල් 30, ප.ව. 12:01
2026 අප්‍රේල් 29, ප.ව. 1:37
2026 අප්‍රේල් 29, ප.ව. 1:16
2026 අප්‍රේල් 28, ප.ව. 2:06
18-02-26
18-02-26
30-04-25
30-04-25
13-03-25
13-03-25
13-12-23
13-12-23
10-12-23
10-12-23
09-12-23
09-12-23
12-10-23
12-10-23
11-10-23
11-10-23
07-09-23
07-09-23
01-09-23
01-09-23