hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 18, පෙ.ව. 9:03



කොළඹ නෙළුම් කුළුණ නැරඹීමේ කාලය සතියේ දිනවල රාත්‍රී 10.00 දක්වා ද, සති අන්තයේ රාත්‍රී 11.00 දක්වා ද, දීර්ඝ කළ බව නෙළුම් කුළුණ කළමනාකරණ පෞද්ගලික සමාගම පවසනවා.

සතියේ දින පහේ පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා ප්‍රවේශපත් නිකුත් කර රාත්‍රී 10.00 දක්වා නැඹීමේ අවස්ථාව හිමිවන බවත් සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේ පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා ප්‍රවේශපත් නිකුත් කර රාත්‍රී 11.00 දක්වා නැඹීමේ අවස්ථාව හිමිවන බවත් එම සමාගම වැඩි දුරටත් සඳහන් කළා.

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කර ගත වූ මාසය තුළදී රුපියල් ලක්ෂ 900 ක ආදායමක් හිමිවී ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවා.

එය නැරඹීම සඳහා මෙරට සහ විදේශ ගත සංචාරකයින් එක් ලක්ෂ හැට පන්දහසක් පැමිණ ඇතැයි ද ප්‍රධාන විධායක නිලධාරි වරයා කියා සිටියා.

එකී ආදායම හිමිවී ඇත්තේ නැරඹීම සඳහා පැමිණෙන අය මිලදී ගත් ප්‍රවේශ පත්‍ර වලින් සහ එහි අභ්‍යන්තරයේ පිහිටි විවිධ ආයතන වලින් ලබාගත් පහසුකම්වලින් බව ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් පැවසුවා.

එය ජනතා අයිතියට පත් කළ ඉකුත් සැප්තැම්බර් 15 වැනි දින පළමු දිනයේ දී විදේශිකයින් 21 දෙනකු ඇතුළු පුද්ගලයන් 2612 නැරඹීමට පැමිණ රුපියල් ලක්ෂ 15ක ආදායමක් ලබාගෙන තිබුණා.