hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 31, ප.ව. 12:06



දේශීය සහ විදේශීය රැකියා වෙළදපොල ඉලක්ක කරගනිමින් වෘත්තික සහ පුහුණු ශ්‍රමිකයින් බිහිකිරීමේ අරමුණ ඇතිව ආරම්භ කළ නොදර්න් කැම්පස් උසස් අධ්‍යාපන ආයතනය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් පසුගියදා විවෘත කෙරුණා.

විදේශ රැකියා වෙළදපොල ඉලක්ක කරගනිමින් වෘත්තිකයින් සහ පුහුණු ශ්‍රමිකයින් බිහිකිරීම සදහා මේ වන විට රජය විශේෂ අවධානයක් යොමුකර ඇති අතර එහිදී පුද්ගලික අංශයේ අධ්‍යාපන ආයතන දිරිගැන්වීමටද කටයුතු කරමින් සිටිනවා.

ඒ අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ, තෘතීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සහ එක්සත් රාජධානියේ පිළිගත් පාඨමාලා මෙරට සිසුන්ට විවෘත වනවා.

ඒ අනුව සාත්තු සේවක, සෞඛ්‍ය කළමනාකරණ, හෝටල් පුහුණු පාඨමාලා ඇතුළු විදේශ රැකියා වෙළදපොල ඉලක්ක කරගත් පුහුණු පාඨමාලා ලබාදීම අගය කරන බව මෙම අවස්ථාවේදී අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවා.