2023 ජූනි 26, පෙ.ව. 8:58
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව ඖෂධ වර්ග 60ක මිල අද (26) සිට 16%කින් අඩු කිරීමට නියමිතයි.
පසුගිය 15වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වනුයේ අද සිටයි.
නව මිල සංශෝධනයට අනුව 16%ක මිල අඩුවීමක් සිදු වී ඇති අතර ඩොලරයේ අගය පහළයාම හේතුවෙන් ආනයනික ඖෂධ මිල මෙලෙස පහත දමා ඇති බව සඳහන්.
නව ගැසට් නිවේදනයට අනුව පැරසිටමෝල් මිලිග්‍රෑම් 500යේ පෙත්තක මිල රුපියල් තුනයි ශත 49ක් ලෙස ගණනය කර ඇති අතර, ඉන්සියුලින් මිලිග්‍රෑම් 10යේ කුප්පියක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල දක්වා ඇත්තේ රුපියල් 2270යි ශත දෙකක් ලෙසයි.
ඇමොක්සිලින් ක්ලැවුලිනික් ඇසිඩ් මිලිග්‍රෑම් 375ක උපරිම සිල්ලර මිල රුපියල් 70යි ශත 32ක් ලෙස එහි දක්වා තිබෙනවා.
2026 අගෝස්‍තු 25, ප.ව. 12:09
2026 අගෝස්‍තු 25, ප.ව. 12:05
2026 අගෝස්‍තු 24, ප.ව. 2:06
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41