hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2023 මැයි 26, ප.ව. 1:00



ආනයනික කිරිපිටි මිල පහළ දැමුණු නමුත් දේශීයව නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි මිලෙහි වෙනසක් සිදු නොකිරීමට එම කිරිපිටි සංගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව මිල්කෝ හා පැල්වත්ත ඇතුළු දේශීය ආයතන නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි මිලෙහි වෙනසක් සිදුනොවනු ඇති.

දේශීය කිරි නිෂ්පාදනය සඳහා දෛනිකව කිරි ලීටර් ලක්ෂ 12ක් පමණ අවශ්‍ය වන නමුත් මෙම දිනවල අදාළ කිරි නිෂ්පාදන ආයතන වෙත කිරි අඩුවෙන් ලැබීම දේශීය කිරිපිටි මිල පහළ නොදැමීමට හේතුවක් බවද මිල්කෝ ආයතනයෙහි ප්‍රකාශකයෙක් පැවැසුවා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීමේ සහනය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණ ඇතිව ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 200කින් හා ග්‍රෑම් 400ක් රුපියල් 80කින් ඊයේ සිට පහළ දැමීමට ආනයනික කිරිපිටි සංගම් තීරණය කර තිබෙනවා.