hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 06, පෙ.ව. 8:56



ආනයනික කිරි පිටි මත යැපීම වළක්වා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය කෙටි, මධ්‍ය සහ දිගුකාලීන සැලැස්මක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ බහුවිධ කණ්ඩායම සමඟ කටයුතු කිරීමට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබෙනවා.

ඊට අදාළව ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NDDB) සහ ඉන්දියානු Amul කිරි සමාගම එක්ව මෙරට දියර කිරි නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම‍ට පියවර ගෙන තිබෙනවා.

එහි මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

කෙටි සහ මධ්‍යකාලීන සැලසුම් ක්‍රියාත්මක කරමින් දේශීය කිරි නිෂ්පාදනය දෙගුණ කර ගැනීම පිළිබඳව සහ ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ඔස්සේ දිගුකාලීනව ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වුණා.