hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 27, ප.ව. 9:03



මෙරට සුවහසක් රෝගීන්ගේ ගැලවුම්කරුවා බවට පත්වූ 1990 සුව සැරිය ගිලන්රථ සේවය යාවත්කාලීන කරමින් ආසියානු කලාපයේ පළමු වරට Mixed Reality හා AI තාකෂණයෙන් සවිබල ගැන්වීමේ නියමු ව්‍යාපෘතිය පසුගියදා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීය.  

හදිසි අනතුරකදී හෝ අසනීප තත්ත්වයකදී මෙරට ජනතාව වෙත නොමිලේ ලබා දෙන සේවාවක් ලෙස ආරම්භ කරන ලද සුව සැරිය ගිලන්රථ සේවාව තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා මෙම නව තාක්ෂ‚ක යාවත්කාලින ක්‍රියාවලිය සිදුකර ඇත. Mixed Reality හා AI තාක්ෂණය යොදා ගනිමින් හදිසි අනතුරකදී හෝ අසනීපයකදී ගිලන්රථයේ සිටින රෝගියාගේ පූර්ණ වගකීම හදිසි ප්‍රතිකාර තාක්ෂණ ශිල්පියා මත පැවරෙන අතර, එහිදී ඔහු Mixed Reality තාක්ෂණය හා කෘතිම බුද්ධිය උපයෝගී කරගනිමින් (AI තාක්ෂණය) ප්‍රධාන පාලක මැදිරියේ සිටින වෛද්‍යවරයා හා සම්බන්ධ වෙමින් රෝහලට රැගෙන යන අතරතුර ලබා දිය හැකි උපරිම ප්‍රතිකාරයන් ලබා දීම මේ හරහා සිදු කරයි. 

මෙම තාක්ෂණික ක්‍රමවේදය හඳුන්වා දීමට පෙර මෙම ක්‍රියාවලිය සිදුකරනු ලැබුවේ දුරකථනය හරහාය. එම නිසා එහිදී රෝගියා වෙත ලබා දිය හැකි ප්‍රතිකාරයන් බොහෝ විට සීමා වූ අතර කාර්‍යක්ෂමව එය සිදු කිරීමට අපහසු විය. මෙම නව තාක්ෂ‚ක පද්ධතිය හරහා එය වඩාත් නිවැරදිවත් රෝහල වෙතට රැගෙන යන තෙක් රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය අධීක්‍ෂණය කිරීමත් නිසි වෛද්‍ය ප්‍රතිකාර AI තාක්ෂණය ඔස්සේ ලබා දීමට හැකියාව ලැඛෙනු ඇත. 

1990 සුව සැරිය සභාපති, දුමින්ද්‍ර රත්නායක මහතා අදහස් දක්වමින්  “මෙවන් තාක්ෂණය මූලික කරගත් මුලපිරීම් හරහා ජනතාවගේ සෞඛ්‍ය දර්ශකය වැඩි දියුණු කිරිමටත් විදේශ ආයෝජනයන් ආකර්ෂණය කරගැනීමට මෙන්ම නව රැකියා අවස්තාවන් උත්පාදනය වීමටත් බලපානවා, ඒ වගේම කිව යුතු කරුණක් තමයි මෙම නව්‍ය ක්‍රියාවලීන් හරහා අපේ රට තාක්ෂණික සාක්ෂරතාවයක් සහිත රටක් බව ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශණය කිරීමට හැකිවීම.  එය සුවිශේෂී කරුණක් ලෙස පෙන්වාදිය හැකියි.”

1990 සුවසැරිය ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා මහතා අදහස් දක්වමින් කියා සිටියේ දිවයිනම ආවරණය වන පරිදි ගිලන්රථ 322 ක් හරහා සිදුකරන පූර්ව රෝහල්ගත කිරීමේ ක්‍රියාවලිය ඉතා ඉක්මනින් අදාළ ස්ථානය වෙත ගොස් කඩිනමින් රෝගියා රෝහල්ගත කිරීමේ ක්‍රියාවලිය වඩා වේගවත් හා කාර්ය්‍යක්ෂමතාවයකින් යුතුව ක්‍රියාවට නැංවීමට හැකියාව ලැබීම සුවිශේෂී කඩයිමක්, ඒ සඳහා අප හා එක්වූ Wavenet හා Microsoftආයතනයන්ට ජනතාව වෙනුවෙන් මා කෘතවේදීත්වය පුදකර සිටින බවයි.  

ශ්‍රී ලංකාවේ එකම පෙර රෝහල්ගත කිරීමේ ගිලන්රථ සේවය හා අත්වැල් බැදගනිමින් ජාතික කර්තව්‍යයකට සහභාගී වන්නට ලැබීම ගැන අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. Wavenet ඩිජිටල් සෞඛ්‍ය සේවා අංශය හරහා බලගැන්වූ මෙම නව සුවසැරිය තාක්ෂණික ක්‍රියාවලිය පෙර නොවූ විරූ මට්ටමකට අපට ඔසවා තබන්නට හැකියාව ලැබුණා, ඒ හරහා මෙරට ජනතාවගේ ජීවිත බේරාගැනීමටත් ඔවුන්ගේ හදිසි අනතුරුවලදී හා අසනීප තත්ත්වයන් වලදී පෙරට එන 1990 සුව සැරිය සේවය මෙරට සෞඛ්‍ය සේවාව නව මානයකට රැගෙන යන හැරවුම් ලක්ෂය බවට පත්වී තිබීම ගැන අප ආයතනයට ඇත්තේ අසීමිත සතුටක්. යැයි Wavenet  පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් පින්ටෝ මහතා අදහස් දක්වමින් කියා සිටියේය.    

මෙම නව ප්‍රවේශය සඳහා පූර්ණ තාක්ෂ‚ක දායකත්වය වේව්නෙට් (Wavenet) ආයතනය හරහා ලබා දෙන අතර ඒ සඳහා මයික්‍රෝසොෆ්ට් (Microsoft) තාක්ෂණික මෙවලම් හා මෘදුකාංග භාවිත කර ඇත. මෙය හඳුන්වාදීමේ අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, සුව සැරිය සභාපති දුමින්ද්‍ර රත්නායක, සුවසැරිය ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා සහ වේව්නෙට් (Wavenet)  පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරෙන් පින්ටෝ මහත්වරුන් ඇතුලූ දෙස් විදෙස් සම්භාවනීය පිරිසක් සහභාගී විය.