hit counter

2024 මැයි මස 22 වන බදාදා

2023 ජූලි 11, ප.ව. 6:12



සුබසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

ඒ අනුව වැඩිහිටි ආධාර ලබන තැනත්තන්, හඳුනා නොගත් හේතු මත වූ වකුගඩු රෝගී ආධාර ලබන තැනත්තන් සහ ආධාර ලබන වෙනස් හැකියාවන් සහිත තැනත්තන් සඳහා සුබසාධක ප්‍රතිලාභ ලබා දීම සිදුවනු ඇති.

මේ අතර, ජන හා නිවාස සංගණනයක් පැවැත්විය යුතු බවට නියෝග කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සංගණනය 2023 සහ 2024 යන වර්ෂ වල දී පැවැත්විය යුතු බව මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා.

මීට පෙර අවසන් වරට ජන හා නිවාස සංගණනයක් පවත්වා ඇත්තේ 2012 වසරේ දී ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: