hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 22, පෙ.ව. 12:03



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ගෙවන විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (21) දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් 2021 වර්ෂයේ අයවැය වාර්තාවේ සඳහන් වුවද එය මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කතිකාවක් ගොඩ නැගී ඇති මොහොතක එවැනි ජනප්‍රිය යෝජනා රැසක් මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බව පැවසු රාජ්‍ය අමාත්‍යවරයා එවැනි යෝජනා යට යෑම වැලැක්වීම සඳහා අයවැය කාර්යාලය මගින් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව පවසා තිබෙනවා.

එමෙන්ම මහජන නියෝජතියන් සඳහා තිබූ වරප්‍රසාද බොහොමයක් වර්තමාන මුදල් අමාත්‍යවරයාගේ පාලන කාලය තුළ කප්පාදුවට ලක්කර ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

එමෙන්ම සහනාධාර ලැබිය යුතු ජනතාවට ලබාදෙන සහනාධාර වසර තුනකින් පමණ අහෝසි කිරීමට කටයුතු කරන බවට නගන චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ රජයේ අරමුණ වසර තුනකින් සහනාධාර නැති කිරීම නොව එම සහනාධාර අපේක්ෂා කරන ජනතාව ශක්තිමත් කිරීම බවත් අමාත්‍යවරයා එහිදී පවසා තිබෙනවා.

බැංකුවක් මහ බැංකුවේ නියාමනය කිරීම යනු එය වාණීජ්‍ය බැංකුවක් වීමක් නොවන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.