hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 31, ප.ව. 4:58



වසරකට පෙර රාජ්‍ය සේවක වැටුප ගෙවීම පවා දුෂ්කර වූ රටක වැටුප් වැඩි කරන බව සැලවීමත් ජනතාවගේ පාර්ශ්වයෙන් සුබවාදී පණිවුඩයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එය නිවැරැදි නායකත්වය යටතේ රට යහපත් ආර්ථික දිශානතියක ගමන් කරන බවට කදිම නිදසුනක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මීට වසරකට පෙර රාජ්‍ය සේවයක වැටුප කොටස් වශයෙන් ගෙවීම, නියමිත දිනය පමා කොට ගෙවීම ආදී පියවර අනුගමනය කිරීමට පවා රජයට සිදු වූ බවයි රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

එහෙත් අද වන විට සාකච්ඡා වන්නේ වැටුප් ගෙවන ආකාරය නොව වැටුප් වැඩි වන ප්‍රමාණය පිළිබඳව බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

සාම්ප්‍රදායික විපක්ෂයක් සමග ගමන් කරමින් රට නිවැරැදි දිශානතය කරා ගමන් කරවමින් සිටින අවස්ථාවක මෙම වැටුප් වැඩිවීම විපක්ෂයට සටන් පාඨ අහිමි කිරීමක් බව අමාත්‍යවරයා සඳහන් කළා.

වැඩිවන වැටුප හිමි කර ගැනීම සේම ඒ වෙනුවෙන් දුෂ්කර ආර්ථිකයක් යටතේ ගමන් කරන රට වෙනුවෙන් සිය යුතුකම් ඉටු කිරීමද රාජ්‍ය සේවයකයන්ගේ වගකීම බවයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් කියා සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: