2023 ජූනි 29, පෙ.ව. 11:11
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් බැංකු නිදහස් කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද (29) පැවැත්වෙන සාකච්ඡාවේදීයි.
එම තීරණය ගෙන ඇත්තේ මේ වනවිටත් බැංකු 50%ක පමණ බදු ගෙවීම සැලකිල්ලට ගනිමින්.
එසේම භාණ්ඩාගාර බිල්පත්වල සිදුකෙරෙන වෙනස්කම් පිළිබඳව ද මහ බැංකු අධිපතිවරයා කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව 2024 දක්වා වූ භාණ්ඩාගාර බිල්පත්වල පොලිය 12.4% වන ලෙසත් 2026 දක්වා වූ භාණ්ඩාගාර බිල්පත්වල පොලිය 7.5% වන ලෙසත් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත්වල පොලිය 5%ක් වන ලෙසත් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතයි.
2026 අගෝස්‍තු 25, ප.ව. 12:09
2026 අගෝස්‍තු 25, ප.ව. 12:05
2026 අගෝස්‍තු 24, ප.ව. 2:06
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41