hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මැයි 18, පෙ.ව. 12:47



ගම්මාන 30ක පවුල් දෙසීයක් පමණ බිම් මල් වගා කර අතමිට සරුකර ගත් අපූරුයි ගොවි ගෙවිලියන් පිරිසක් ගලේවෙල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවත් වෙනවා.

දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වූ ජනතාවක් වෙසෙන ගලේවෙල වැටකොලුවාව ප්‍රදේශයේ එක පුද්ගලයෙකු බිම් මල් වගාව පිළිබඳව අධ්‍යනයක් කොට එහි සාර්ථකත්වය ලබා කිසිදු බියක් නොමැතිව අනෙකුත් ගම්මානවල ජීවත්වන අසරණ පවුල් සඳහා ව්‍යාප්ත කරමින් මේ වන විට සාර්ථක බිම් මල් වගාව තුලින් ජීවිතය ජය ගැනීමට මෙම කණ්ඩායමට හැකිවී තිබෙනවා.

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැටකොළුවැව ග්‍රාමසේවා වසම පදිංචි වී සිටින කේ.ඒ.සූූරතිස්ස මහතා මෙම අපූරු බිම් මල් වගාව මීට වසර 20කට පමණ ඉහතදී තනිව ආරම්භ කොට මේ වන විට වැටකොලුවාව, හල්මිල්ලවැව, මකුළුගස්වැව, ආඩියාගල, දේවහුව ඇතුළු උතුරු මැද පළාතේ ගම්මාන තුලත් පවුල් 200ක් ගම්මාන 30ක් ආවරණය වන පරිදි ගොවි ගෙවිලියන් පුහුණු පුරුදු කරමින් කිසිවකුටත් අතනොපා තමන්ගේ මහන්සියෙන් සාර්ථක බිම්මල් වගාව හුරු පුරුදු කරමින් එම් ජනතාවට දෑතේ රැකියාවක් කරගෙන සතුටෙන් ජිවත් වන්නට පුහුණු කර තිබුණා.

මෙම අපූරු පුවත හෙළිදරව් කර ගැනීමට හැකි වූයේ මහජන බැංකුවේ ගලේවෙල ශාඛාවේ කළමනාකරු ගිහාන් ද සිල්වා මහතා විසින් දැනුවත් කිරීම් නිසාවෙන්.

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙම කණ්ඩායම් සඳහා මහජන බැංකුව මුල්‍ය  පහසුකම් ලබා දී එම පිරිස් සාර්ථක ව්‍යවසායකයන් බවට පත්කොට තිබෙනවා.

ඒ අනුව පසුගියදා “සරු බලා බලාපොරොත්තුවක් ස්වයංපෝෂිත රටක්”යන තේමාව යටතේ තවත් කණ්ඩායම් රැසක්ට මෙම බිම් මල් වගාව සඳහා නැඹුරු කරවීම ඔවුන්ට හොඳ වෙළඳෙඳ පොළක් ලබා දීම විදේශ රට සඳහා ඇණවුම් කොට වියලි බිම්මල් විදේශිදේශ රටවලට අලෙවි කිරීම ආදී විශේෂ ව්‍යාපෘතිය ආරම්භ කොට තිබෙනවා.

එහි සමාරම්භක උත්සවය පසුගිය 16 වන දින ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැටකොළු වැව ම්මානයේදී පැවැත්වුණා.

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිස් ස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, සමෘර්ධි බැංකු සංගමය මෙන්ම මහජන බැංකුව උත්සවාකාරයෙන් බිම සාර්ථක බිම්මල් වගා වැඩසටහන “සරු බලා බලාපොරොත්තුවක් ස්වයංපෝෂිත රටක්” යන තේමාව යටතේ ආරම්භ කිරීම විශේෂත්වයක්.

මේ අවස්ථාවේදී මහජන බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කළමනාකරු ඩී.එම්.ඩි.දිසානායක මහතා මෙන්ම සහ සහකාර  කළමනාකරු එස්.බි.තෙන්නකෝන්.ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කසුන් ප්‍රභාත් යන මහත්වරුන් ඇතුළු ආරාධිත රාජ්‍ය සේවකයන්ගේ ප්‍රධානත්වයෙන් බිම් මල් ගොවීන් දැනුවත් කිරීම් සිදු කෙරුණා.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස