hit counter

2024 මැයි මස 22 වන බදාදා

2023 ජූලි 09, ප.ව. 2:14



මේ වන විට පහළ දමා ඇති පොලී අනුපාත තවදුරටත් අඩුවිය හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සදහන් කරනවා.

සී.එන්.බී.සී පුවත් සේවයේ වැඩසටහනකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව සදහන් කළා.

මහබැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඛණ්ඩව දෙවන මාසයටත් සියයට 12 සිට සියයට 11 දක්වා පහත හෙලීමට තීරණය කළා.

මෙම අනුපාත පහත දැමීම තවදුරටත් සිදුවනු ඇති බව සී.එන්.බී.සී පුවත් සේවයේ ස්ක්වාක් බොක්ස් ආසියා වැඩසටහනට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා පැවසුවා.

එසේම මෙරට ආර්ථිකයේ ප්‍රකෘත්තිමත්විම වසරේ දෙවන අර්ධයේදී දැකගත හැකි බවද මෙම සාකච්ඡාවේදී මහබැංකුඅධිපතිවරයා පැහැදිලි කළා.

මාධ්‍යවේදියා – අධිපතිතුමනි, ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ගේ පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර ඔබතුමා කොහොමද දකින්නේ.?

මහබැංකු අධිපතිවරයා – මීට කළින් රටේ තිබුණු තත්ත්වය වගේම වර්ථමානය තත්ත්වය ගැන සැළකීමේදී ඇත්තටම ආහාර හිඟයක් නැහැ. ඒ වගේම ඉන්ධන, ගෑස්, හිඟයකුත් නැහැ. ඒවායේ මිල පහළ ගිහිල්ලා. තවදුරටත් මිල පහළ යමින් පවතිනවා. ඒ වගේම ආනයන සීමා බොහෝමයක් නිදහස් කරලා තියෙනවා. ඉදිරියටත් ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම රුපියල සහ කොටස් වෙළදපොල ශක්තිමත් වෙලා තියෙනවා.ඒක ආයෝජකයින්ගේ වගේම ජනතාවගෙත් සතුටට හේතුවක්. ආර්ථිකය ශක්තිමත්වීම ඉදිරියටත් සිදුවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: