hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2022 ජූලි 07, ප.ව. 3:42



මිල සූත්‍රයක් හරහා ඉන්ධන මිල ගණන් වැඩි කළ ද මේ වන විට වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඩොලර් මිලදී ගැනීමට අවශ්‍ය රුපියල් එකතු වී නොමැති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

මහ බැංකුව මේ වන විට ක්‍රියාත්මක කර ඇති ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් 2023 වසර ආරම්භයේ සිට උද්ධමනය සැලකිය යුතු ලෙස පහත යනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නා.

මේ අතර 2022 ජූනි මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය ඩොලර් බිලියන 1.9 ක් වූ බවද ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මෙහිදී අනාවරණය කළා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“තෙල් වලට මිල සූත්‍රයක් හඳුන්වා දී තිබෙනවා දැන් ඒක වැඩ කරනවා. ඒක තියෙද්දි වුණත් තවමත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවශ්‍ය රුපියල් ප්‍රමාණයවත් එකතු වන්නේ නැහැ. ඒ අයට අවශ්‍ය ඩොලර් ටික ගන්න. ඩොලර්ස් අපි කොහොම හරි හොයාගෙන දුන්නත් ඩොලර් සැපයීමට අමාරුයි මේ වෙලාවේ. හොයාගත්ත ඩොලර් ටික ගන්න පෙට්‍රෝලියම් එකට රුපියල් නෑ. අවශ්‍ය ප්‍රමාණය නෑ. ඒක තමයි ඊළඟ බරපතළ ප්‍රශ්නය. මිල වැඩි කරලා තියෙද්දිත්, සියලුම තෙල් ටික විකුණලා තියෙද්දිත්, විකුණන්නෙත් මුදලට නේ. එතකොට ඊළඟ තෙල් නැව ගන්න අවශ්‍ය රුපියල් ප්‍රමාණය නැති වුනාම දැන් ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා CPC එක ඉල්ලනවා භාණ්ඩාගාරයෙන් රුපියල්. ඒ ගොල්ලොන්ගේ එදිනෙදා අවශ්‍යතා වලට අමතරව ආදායම් වියදම් වලට අමතරව CPC එකෙන් රුපියල් ඉල්ලනවා භාණ්ඩාගාරයෙන් දෙන්න කියලා. ඒක භාණ්ඩාගාරයට අයිති එකක් නෙවෙයි. එතකොට ඒගොල්ලොන්ට දෙන්න ක්‍රමයක් නැහැ. ඒගොල්ලෝ කියනවා මහ බැංකුවට, අපිට සල්ලි අච්චු ගහලා දෙන්න කියනවා. ඒක තමයි දැන් තියෙන එක ප්‍රධාන ගැටලුවක්.”