hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2022 අගෝස්‍තු 19, ප.ව. 1:25



ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් දිනවල ගත් තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට ආර්ථිකයේ යම් සාධනීය ප්‍රතිඵල ලැබෙමින් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

උද්දනමය සියයට 70 කටත් වඩා වැඩි වෙතැයි උපකල්පනය කළ ද එම තත්ත්වය අඩුවී උද්දමනය සියයට 60කට වැඩි ප්‍රමාණයක පවතින බවද මහබැංකු අධිපතිවරයා සඳහන් කරයි.

රටට අවශ්‍ය ඉන්ධන ගෑස් සහ ආහාර, ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කර ගැනීමට ප්‍රමාණවත් තරම් විදේශ විනිමය පවතින බව ද මහ බැංකු අධිපතිවරයා කියයි.

රටේ අපනයන ආදායම වැඩි වෙමින් තිබෙන බවත් ආනයන පාලනයවීම නිසා ආනයන වියදම් අඩුවී ඇති බවත් සඳහන් කළා.

මූලික අවශ්‍යතා ටික කළමනාකරණය කර ගැනීමට තරම් මේ වන විට අපට හැකියාවක් තිබෙන  බව ද බැංකු ණය ප්‍රසාරණය සෑහෙන මට්ටමක පාලනය වී ඇතැයි ද පැවසුවා.

මේ අතර ආනයනික බොරතෙල් නැවේ බොරතෙල් ගොඩබෑමේ කටයුතු ඊයේ (18) සිට ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා.

බොරතෙල් මෙට්‍රික්‌ ටොන් ලක්‍ෂයක් අඩංගු මෙම බොරතෙල් නැව පසුගියදා (13) මෙරටට ළඟාවී තිබුණත් මුදල් ගෙවීමේ ප්‍රමාදයන් නිසා බොරතෙල් ගොඩබෑම ප්‍රමාදවී තිබුණා.

මෙම බොරතෙල් ගොඩබෑමත් සමග සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතුද ආරම්භ කිරීමට කටයුතු කෙරෙනවා. ම

ට අමතරව බොරතෙල් මෙට්‍රික්‌ ටොන් එක්ලක්‍ෂ විසිදහසක් රැගත් තවත් නැවක් ලබන 23 ත් 29 ත් අතර දිනවලදී පැමිණීමට නියමිත බවද එම අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසුවා.

ඊයේ (18) බොරතෙල් නැවේ බොරතෙල් ගොඩබෑම සඳහා රුපියල්වලින් මුදල් තැන්පත් කිරීමට කටයුතු කර තිබෙන අතර එය මසකින් ඩොලර් බවට පරිවර්තනය කර අදාළ සමාගමට ගෙවීමට කටයුතු කළ යුතුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: